පොලිස් පරීක්‍ෂකවරියගේ රන් මාලය දුම්රියේදී කඩාගෙන පනී

453

නුවර සිට කොළඹ බලා පෙරේදා (07 දා) ධාවනය වූ දුම්රියක ගමන්කළ කාන්තා පොලිස් පරීක්‍ෂකවරියකගේ ගෙල බැඳ සිටි රන් මාලය කොටුව දුම්රියපළ ආසන්නයේදී කොල්ලකරුවකු විසින් කඩාගෙන ගොස් ඇත.

මෙම පොලිස් පරීක්‍ෂකවරිය නුවර ප්‍රදේශයේ පොලිසියක සේවය කරන අතර කොළඹ පැවැති පාඨමාලාවක් සඳහා සිවිල් ඇඳුමෙන් සැරසී දුම්රියෙන් පැමිණ තිබේ.

වැදගත් ලෙස හැඳ පැළඳ සිටි පුද්ගලයකු කොළඹ කොටුව ආසන්නයේදී පොලිස් නිලධාරිනියගේ ගෙලබැඳි රන් මාලය කඩාගෙන දුම්රියෙන් පැනගොස් ඇත.

සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment