මාක් අයමන් සහ මිලා බෙසෝන්ගේ ප්‍රසංගය 16, 17දිනවල දී…

39

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සහ la Francophonie ජාත්‍යන්තර සංවිධානය එක්ව කොළඹ සහ අහංගම යන නගරවලදී 2024 Francophonie ගීත ප්‍රසංගය පැවැත්වීමට කටයුතු යොදා ඇත. වාර්ෂිකව සිදුකෙරෙන ප්‍රංශ භාෂා සහ සංස්කෘතික සැමරුමට (Francophonie 2024) සමගාමීව පැවැත්වෙන මෙම ගී ප්‍රසංගයට ස්විස් ජාතික කලාකරුවෝ දෙපළක්වන මාක් අයමන් සහ මිලා බෙසොන් එක්වෙති.

මෙම සමාරම්භක දර්ශනය මාර්තු 16 වැනි සෙනසුරාදා පස්වරු 7ට Alliance Française de Colombo දී ද, අවසන් දර්ශනය මාර්තු 17 වැනි ඉරු දින පස්වරු 7ට අහංගම TRAX හිදී ද පැවැත්වීමට නියමිත ය. මෙම සියලු දර්ශන වාර නොමිලයේ පැවැත්වෙන අතර, ආසන සීමිත ය.

මීට සමගාමීව සංවිධානය කෙරෙන විශේෂ පුහුණු පන්ති (Master classes) මාර්තු 16 වැනි සෙනසුරාදා කොළඹ දෘශ්‍ය සහ ප්‍රාසාංගික කලා විශ්ව විද්‍යාලයේ දී සහ මාර්තු 19 වැනිදා රුහුණ විශ්වවිද්‍යාලයේ දී පෙරවරු 10 සිට පෙරවරු 11.30 දක්වා පැවැත්වේ. මෙවර ශ්‍රී ලංකා සංචාරයේදී මාක් අයමන් සහ මිලා බෙසෝන්, ස්විස් සංස්කෘතික උරුමය විදහා දැක්වෙන ස්විස් කවි සහ ගීත 15කින් සමන්විත ‘Glaneurs’ ගීය රඟදක්වති.

advertistmentadvertistment
advertistmentadvertistment