සිරිපා යන අය අතර ‘ලිස්ටීරියාව’ තදින් පැතිර යන කතාව බොරු

81

වෛද්‍ය නවීන් ද සොයිසා

ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කිරීම සඳහා ගමන් ගන්නා බැතිමතුන් අතර ‘ලිස්ටීරියාව’ නමැති බැක්ටීරියා ආසාධිත රෝගී තත්ත්වයක් ඉතා බරපතළ ලෙස පැතිර යන බවට පළවන වාර්තා සත්‍යයෙන් තොර බවත් ඒ අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බවත් ප්‍රජා වෛද්‍යවේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ‘දිවයින’ට ඊයේ (16 දා) සඳහන් කළේය.

ශ්‍රී පාදය වන්දනා මානකරන බැතිමතුන් අතර පැතිර යමින් පවතින රෝගී තත්ත්වයක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පළව තිබූ වාර්තා පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍යවරයා මේ බව කියා සිටියේය. පස තුළ සතුන්ගේ මළ ද්‍රව්‍ය තුළ හෝ ආහාර, ජලය මාර්ගයෙන් මෙම බැක්ටීරියාව මිනිස් ශරීර තුළට ඇතුළු වීමෙන් ‘ලිස්ටීරියා’ රෝගී තත්ත්වය ඇති වන බවත් උණ, ඇඟපත වේදනාව, බඩ අජීර්ණ තත්ත්වය සහ පාචන රෝගී තත්ත්වයන් මෙම රෝගයේ ලක්‍ෂණ බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.

ඉහත රෝගී තත්ත්වය යටතේ මේ වනවිට එක් පුද්ගලයකු මරණයට පත්ව ඇති බව තහවුරු වී ඇතැයි ද සඳහන් කළ වෛද්‍යවරයා මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ප්‍රජා වෛද්‍යවේද ඒකකයන් නිරන්තරයෙන් සොයා බැලීම් සහ අදාළ පරීක්‍ෂණයන් සිදුකරනු බවද කියා සිටියේය.

කෙසේ වෙතත් ‘ලිස්ටීරියා’ රෝගය පිළිබඳව පැතිර යන අසත්‍ය තොරතුරු පිළිබඳව අනවශ්‍ය බියක් හෝ කලබලයක් ඇති කර නොගන්නා ලෙසත් ඉල්ලා සිටි වෛද්‍ය නවින් ද සොයිසා මහතා මේ පිළිබඳව නිවැරදි තොරතුරු ජනතාවට ඉදිරියේ දී ලබාදීමට ක්‍රියා කරන බවද වැඩිදුරටත් සඳහන් කළේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment