සුරාබදු නිලධාරීන් 429කගේ හිඟයක්

43

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 429 දෙනකුගේ හිඟයක් පවතින බවත් එය දෙපාර්තමේන්තු පරිපාලනයට බාධාවක් වී ඇති බවත් එහි උසස් නිලධාරියෙක් පැවැසීය.

අනුමත සේවක සංඛ්‍යාව 1231ක් වුවත් මේ වනවිට වැඩ තහනමට ලක්ව සිටින නිලධාරීන් සමග බැලීමේදී හිඟ සංඛ්‍යාව 429ට වැඩි බවද ඔහු කීය.

හිඟ සුරාබදු අයකර ගැනීමට පවතින බවත් ඇතැම් හිඟ බදු අයකර ගැනීම සඳහා වසර 15ක සිට අධිකරණයන් මගින් නඩු විභාග වන බවත් ඔහු කීය. මේ වනවිට 2023 වර්ෂයට අදාළ හිඟ බදු අයකර ගැනීම සඳහා ප්‍රධාන සමාගම් 05ක් සමග එකඟතාවයන්ට පැමිණ ඇති බවත් එම සමාගම් අප්‍රේල්, මැයි, ජුනි මාසවල ගෙවීම් කිරීමට එකඟ වී ඇති බවත් ඔහු කීය. වැඩිපුර මුදල් ගෙවීමට ඇති සමාගම් නොවැම්බර් 30ට පෙර හිඟ බදු ගෙවා දැමීමට එකඟ වී ඇති බවත් ඔහු පැවසීය.

හිඟ බදු අයකර ගැනීම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමග සිදුකරන සාකච්ඡාවල එකඟතාවයන් මත සිදුකරන බවත් ජුනි 30ට පෙර සියලුම හිඟ බදු අයකර ගන්නා ලෙස පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් නියෝග කර ඇති බව ප්‍රකාශ වුවත් එය නියෝගයක් නොව නිර්දේශ කිරීමක් ලෙස සලකා හිඟ බදු අයකර ගැනීමට කටයුතු කරගෙන යන බවත් ඔහු කීය.

සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය වසරේ (2023) හිඟ බදු ලෙස අයකර ගත යුතුව පවතින රුපියල් බිලියනයෙන් මිලියන 429ක් ගෙවී ගිය මාස හතරේදී අයකර ගෙන තිබෙන බවත්, එය ගිය වසරේ මුල් මාස හතර හා සැසඳීමේදී සියයට විසිතුනයි දශම හයක (23.6%) වර්ධනයක් බවත් ඔහු කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment