විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස හා නෝර්වේජියානු තානාපතිනිය අතර හමුවක්

22

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මෙරට නෝර්වේජියානු තානාපතිනි මේ එලින් ස්ටිනර් (May Elin Stener) මහත්මිය සහ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් ජොහාන් (Johan) අතර හමුවක් සිදු විය.

මෙහි දී දෙපාර්ශ්වය විසින් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක යෙදුණු අතර මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් නෝර්වේජියානු තානාපතිනිය දැනුවත් කරමින් ඉන් අත්මිදීමට සමගි ජන බලවේගයට ඇති සැලසුම් සම්බන්ධයෙන් ද පැහැදිලි කිරීමක් සිදු කළේය.

එසේම මෙම වසර මෙරට දේශපාලනයේ තීරණාත්මක වසරක් බවත් මෙම වසර තුළ තීරණාත්මක මැතිවරණයක් පැවැත්වෙන බැවින් ඒ සම්බන්ධයෙන් ඇයව දැනුවත් කිරීමට ද කටයුතු කරන ලදී. එසේම පවතින දුර්දාන්ත පාලනය අවසන් කර ජනතාවාදී ජනහිතකාමී පාලනයක් ඇති වීමෙන් පසු රට නැවත වරක් යථා තත්ත්වයට ගැනීම සඳහා සමගි ජන බලවේගය සැලසුම් කර ඇති ආකාරය ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් දැනුවත් කරන ලදී.

මේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග නිරෝෂන් පෙරේරා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනද එක්වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment