කොටස් වෙළෙඳපොළ කැසිනෝ එකක් කරගන්න එපා – සුරැකුම්පත් කොමිසම කියයි

95

කැසිනෝ ගැසීම සඳහා එන්නාක් මෙන් කොටස් වෙළෙඳපොළට නොපිවිසෙන්නැයි ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ආයෝජක ප්‍රජාවට දැනුම් දෙයි.

කොටස් වෙළෙඳපොළ යනු ආයෝජන මාර්ගයක් බවත් එහිදී සමාගම් කොටස් විකිණීම හා මිලදී ගැනීම කළ හැකි බවත් එම කොමිෂන් සභාව කියයි.

මේ වනවිට කොටස් වෙළෙඳපොළ සැලකිය යුතු ලෙස ඉහළ නඟිමින් පවතින බවත් එවැනි අවස්ථාවල ඇතැම් ආයෝජකයන් කොටස් වෙළෙඳපොළ කැසිනෝ එකක් ලෙස භාවිත කිරීමට පෙළඹෙන බවත් සුරැකුම්පත් හා විනිමය කොමිසම පවසයි.

මේ අනුව ක්‍රියාවෙන් පමණක් නොව වචනයෙන් ද ඇතැම් ආයෝජකයන් පවසන්නේ ‘අද ගහන්නේ මේ ෂෙයාර් එක’ යනුවෙන් බව ද එම කොමිසම තවදුරටත් පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment