හැටන් අස්වැසුම ප්‍රතිලාභීහු නිදි වරාගෙන බැංකු පෝළිම්වල…

102

හැටන් ප්‍රදේශයේ අස්වැසුම ප්‍රතිලාභීන් 26 වැනිදා රාත්‍රියේ සිටම හැටන් නගරයේ පිහිටි රාජ්‍ය බැංකු 27 වැනිදා විවෘත කරන තෙක්ම නිදි වර්ජිතව පෝළිම්වල රැඳී සිටියහ. පවතින දැඩි අයහපත් කාලගුණය ද නොතකා ඔවුන් පෝළිම්වල රැඳී සිටි අයුරු දැක ගත හැකි විය.

අස්වැසුම බැංකු ගිණුම් ආරම්භ කිරීම සඳහා තමන් දින ගණනාවක් මෙසේ බැංකු ඉදිරිපිට නිදි වර්ජිතව පෝළිමේ රැඳී සිටින බව වතුකරයේ අස්වැසුම ප්‍රතිලාභීහු කියා සිටියහ.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment