ඊයේ ඩොලරය රු. 375 යි

229

මෙරට වාණිජ බැංකු විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව ඊයේ (05) දිනයේදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 375 ක් දක්වා තවදුරටත් ඉහළ ගියේය.

එසේම ශ්‍රී ලංකා මහ බංකුව විසින් ඊයේ ප්‍රකාශයට පත් කරන ලද දෛනික නිල විනිමය අනුපාත අගයන්ට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල පෙරේදා පැවති රු.362.99 සිට රු. 369.99 ක් දක්වා රු.7.00 කින් ඉහළ ගියේය.

මේ අතර ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල පෙරේදා පැවැති රු. 350.05 සිට ඊයේ රු.356.83 ක් දක්වා තවදුරටත් ඉහළ ගියේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment