නම කැත කරගත් අයට පොහොට්ටුවෙන් නාමයෝජනා නෑ

122

නම කැත කරගෙන සිටින පළාත් පාලන නියෝජිතයන්ට මෙවර නාම යෝජනා ලබා නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ‘දිවයින’ට පැවසීය.

දේශපාලනයට පිවිසි පසු නම කැත කරගෙන සිටින ප්‍රාදේශීය සභා, නගර සභා හා මහ නගර සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනකු පක්‍ෂය තුළ සිටින බවට තොරතුරු ලැබී තිබෙන බවද ඒ මහතා කීය.

එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා සුදුසු අපේක්‍ෂකයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ මේ වන විට ආරම්භ කර ඇතැයි ද හෙතෙම කීය.

විවිධ චෝදනාවලට ලක්ව නම කැත කරගෙන සිටින අපේක්‍ෂකයන්ට නාම යෝජනා ලබානොදීමට පක්‍ෂය ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බවද හෙතෙම සඳහන් කළේය.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment