වැට් සංශෝධන පනත විවාදයට මැතිසබය ඉරිදා රැස්වෙයි

72

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ලබන ඉරිදා (10දා) පැවැත්වීමට ඊයේ (05දා) අනුමැතිය හිමිවිය.

ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුව ඉරිදා රැස් කිරීමට නොහැකි අතර එසේ පවත්වන්නේ නම් ස්ථාවර නියෝග අත්හිටුවිය යුතු වේ. ඒ අනුව එම විවාදය පැවැත්වීම සඳහා ස්ථාවර නියෝග අත්හිටුවීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවූ අතර ඊට අදාළ යෝජනාව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ලබන ඉරිදා උදේ 9.30 සිට සවස 4.30 දක්වා පාර්ලිමේන්තුව රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment