අධිවේගී ගාස්තු වැඩි කෙරේ

268

සියලුම අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධනය කරමින්, ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් ඊයේ (27දා) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඇක්සල් දෙකක් සහ රෝද හතරක් සහිත වාහනවල හෝ ඇක්සල් දෙකක් සහ රෝද හයක් සහිත ද්විත්ව කාර්ය වාහන සඳහා ගෙවිය යුතුව ඇති ගාස්තුව රුපියල් 50 කින් වැඩිකර ඇත. එසේ වැඩිවන ආකාරයට සියලු අධිවේගී මාර්ගවල සේවා ගාස්තු මෙමගින් සංශෝධනය කර තිබේ.

2008 අංක 40 දරන ජාතික මංමාවත් පනත යටතේ නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයට අනුව සියලු අධිවේගී මාර්ග භාවිතය වෙනුවෙන් මේ වනවිට පවතින සේවා ගාස්තු 25% කින් ඉහළ දමා තිබේ.

නව ගාස්තු සංශෝධනය අනුව කොට්ටාව – කටුනායක රුපියල් 400 ක්ද, කටුනායක සිට හම්බන්තොට දක්වා රුපියල් 1300 ක්ද, කොට්ටාව සිට ගාල්ල දක්වා රුපියල් 500 ක් ආදී වශයෙන් ගාස්තු ඉහළ දමා ඇත.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment