වසර 159ක් පැරණි පාන් ආඥා පනත අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය

268

පාන් විකිණීම නියාමනයට හා විකිණීමට ඉදිරිපත් කරන පාන්වලට නරක්වූ පිටි කලවම් කිරීම වැළැක්වීමට හැකිවන පරිදි විධිවිධාන සලසමින් ගෙන එනු ලැබූ 1864 අංක 13 දරන වසර 159 ක් පැරණි පාන් ආඥා පනත අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතට අදාළ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේදී පාන් ආඥා පනතේ විධිවිධාන හේතුවෙන් ගැටලු පැනනැගීම මෙම තීරණයට හේතු වී තිබේ.

එම පනත අවලංගු කිරීමට ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා වෙළෙඳ, වානිජ සහ ආහාර සුරක්‍ෂිතතා ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට මෙසේ කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment