නව විදුලිබල පනතින් සිදුවන හානියට ලක්ෂ 500ක් වන්දි ඉල්ලයි

80

නව විදුලිබල පනත් කෙටුම්පත මගින් මෙරට පුරවැසියන්ට සිදුවන අගතිය වෙනුවෙන් රුපියල් ලක්ෂ පන්සීයක වන්දියක් ඉල්ලා අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය ඊයේ (22දා) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා වෙත එන්තරවාසියක් භාර දුන්නේය.

නව විදුලි පනත් කෙටුම්පත මගින් මෙරට බිලියන හයකට අධික විදුලි පාරිභෝගිකයන්ට අගතියක් හා අහිතකර බලපෑම් එල්ල කර ඇතැයි ද පවසන එම සංවිධානය මෙම පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන අයුරින් ඉදිරිපත් කර ඇතැයිද චෝදනා කරයි.

අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති, ජාමුනි කමන්ත තුෂාර මහතා ඇතුළු පිරිසක් මෙම එන්තරවාසිය භාරදීමේ අවස්ථාවට එක්ව සිටියහ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment