ඉන්ධන, ගෑස් ලබාදීමේදී සංචාරක ක්‍ෂේත‍්‍රයට ප‍්‍රමුඛතාව දෙන්න – ඇමැතිගෙන් ඉල්ලීමක්

107

ඉන්ධන හා ගෑස් ලබා ගැනීමේදී සංචාරක ක්ෂේත‍්‍රයේ නියුතු වූවන්ට ප‍්‍රමුඛතාව ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගන්නැයි සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා විෂය භාර ඇමැතිවරුන්ගෙන් ඉල්ලා තිබේ.

මේ පිළිබඳව ඉන්ධන හා ගෑස් අලෙවි මධ්‍යස්ථාන දැනුවත් කරන ලෙසද ඇමැතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටී.

මේ වසර තූළදී සංචාරකයන් 235,000 කට ආසන්න පිරිසක් මේ දක්වා රටට පැමිණ ඇති බැවින් සංචාරකයන් 50,000කට ආසන්න පිරිසක් රට තුළ සිටිනු ඇතැයි අපේක්ෂා කරන බව ද, රටට විදේශ විනිමය උපයන සංචාරක කර්මාන්තය ඉදිරියට ගෙනයෑම සඳහා සහයෝගය ලබාදීම ජාතික අවශ්‍යතාවක් බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක සේවා සපයන ආයතන හා පුද්ගලයන් වෙත ඉන්ධන හා ගෑස් ලබාදීමේදී ප‍්‍රමුඛතාව ලබාදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ගෑස් සමාගම් හරහා අවස්ථාව සලසන ලෙස ද ඇමැතිවරයා ඉල්ලා තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment