මවගේ අක්මාවෙන් කොටසක් පුතුට බද්ධ කරයි

492

ජීවත්ව සිටින සිය මවගේ අක්මාවෙන් කොටසක් ගෙන 15 හැවිරිදි පුතුට බද්ධ කළ ශල්‍යකර්මයක් පේරාදෙනිය රෝහලේදී සිදු කළ
ප‍්‍රථම අවස්ථාව ඉතා සාර්ථක වූ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි.
මෙම සැත්කම සැප්තැම්බර් මස 25 වැනිදා සිදු කළ බවත් ඒ සඳහා පැය 13 කට ආසන්න කාලයක් ගත වූ බවත් පැවසූ රෝහල් අධ්‍යක්ෂවරයා මේ සඳහා රෝහල තුළ සිටින විශේෂඥ වෛද්‍යවරුන්ට අමතරව පළපුරුද්ද හා දැනුම ඇති විශේෂඥ වෛද්‍යවරුන් රාගම මහනුවර සහ කොළඹ රෝහල් වලින් කැඳවීම ට සිදු වූ බවත් කීවේය.
මෙම ශල්‍යකර්මය සඳහා ලක් කරනු ලැබූයේ ඇළහැර බකමූණ පදිංචිව සිටි වයස අවුරුදු පහළොවක් වන පුතකු සහ වයස අවුරුදු තිස් හතක් වන මවකය.

මවගේ අක්මාවෙන් කොටසක් පුතුට බද්ධ කරයි
advertistmentadvertistment
advertistmentadvertistment