පොලිස් කොමිසම හිරකූඩුව ළඟටම

245

පොලිස් කොමිසමේ නිලධාරීන් මින් ඉදිරියට පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන්ගේ තොරතුරු විමර්ශනය කිරීම සඳහා ඔවුන් රඳවා සිටින පොලිස් ස්ථාන වෙත ගොස් ප්‍රශ්න කළ යුතුව ඇතැයි පොලිස් කොමිසමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

එය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර ඇතැයිද එම ප්‍රකාශකයා පැවසීය.

මේ අනුව මෙතෙක් කල් රතුකුරුස හමුදාව සහ මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් ක්‍රියාකළ ආකාරයට පොලිස් කොමිසමේ නිලධාරීන්ද මෙම සැකකරුවන් රඳවා සිටින පොලිස් ස්ථානවලට ගොස් ඔවුන්ගෙන් ප්‍රශ්න කර තොරතුරු ලබා ගැනීමට පියවරගනු ලබන බවද පැවසීය.

මේ අනුව ඔවුන් පොලිසිය තුළදී පහරදීම්වලට ලක් වූවාද, කොපමණ කාලයක් තිස්සේ පොලිසියේ රඳවා සිටිනවාද යන්න පිළිබඳව තොරතුරු ලබාගන්නා බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මේ සඳහා පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් යම්කිසි අසාධාරණයකට ලක්ව ඇතැයි සැක කරන්නේ නම් ඒ බව පවුලේ සාමාජිකයන් මාර්ගයෙන් හෝ මේ බව පොලිස් කොමිසමට දැනුම් දිය හැකිය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment