2019 ධර්මාචාර්ය විභාගයේ ප්‍රතිඵල තාමත් නෑ – අපේක්ෂකයෝ කනස්සල්ලෙන්

69

2019 වර්ෂයේදී පැවැති ධර්මාචාර්ය විභාගයේ ප්‍රතිඵල මෙතෙක් නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන නැතැයි ඊට පෙනී සිටි අපේක්ෂකයෝ පවසති.

2019.05.31 වැනිදා පැවැති එම ලිඛිත පරීක්‍ෂණයට අදාළ ප්‍රතිඵල ප්‍රසිද්ධ කරන බවට රජයේ ගැසට් පත්‍රය මගින් පළකර තිබියදී විභාග කොමසාරිස්වරයා සහ අධ්‍යාපන අමාත්‍යංශය විසින් වසර 05 ක් තිස්සේ ප්‍රතිඵල නිකුත් කිරීමට පියවර නොගැනීම නිසා තමන් මහත් අපහසුතාවකට පත්ව සිටින බව ද ඔවූහු සඳහන් කරති.

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින ආගමික පුරප්පාඩු සඳහා ගුරු සේවයේ 3 – 11 ශ්‍රේණියට ධර්මාචාර්ය සමතුන් බඳවා ගැනීමට මෙම විවෘත තරග විභාගය පවත්වන ලදී.

තම ප්‍රතිඵල නිකුත් කරන ලෙස ඉල්ලා විභාග අපේක්ෂකයන් ලෙස විභාග කොමසාරිස්වරයා වෙත ලිඛිතව දැනුම්දුන් විට 2023 වසරේ සැප්තැම්බර් මස විභාග කොමසාරිස්වරයා නිල ලිපියක් යොමු කරමින් එම ප්‍රතිඵල නිකුත් කරන බව දැනුම් දුන්න ද මෙතෙක් එය ක්‍රියාත්මක කර නැතැයි විභාග අපේක්ෂකයෝ චෝදනා කරති.

පාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment