ලංකා ඔටෝමොබයිල් සංගමය WURTH සමග අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි

30

WURTH LANKA PVT LTD සිය 25 වැනි සංවත්සරය 26.02.2024 වෝටර්ස් එජ් හිදී සමරන ලදී. මෙම අවස්ථාව සඳහා Wurth හි අංක එකේ මෝටර් රථ හවුල්කරු වන ලංකා ඔටෝමොබයිල් සංගමය සහ ඔවුන්ගේ දේශීය අලෙවි නියෝජිතයන්ට ආරාධනා කරන ලදී.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජර්මනියේ ඉන්ටනැෂනල් ඔටෝ සහ කාර්ගෝ ඉන්ටර්නැෂනල් හි අංශ ප්‍රධානි ටීනෝ ෆ්රූහ් මහතා හා Wurth සමූහ ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී – සුරංග කැකුළුවලගේ මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය. අනාගත සැලසුම් සහ ක්‍රියාකාරකම් සඳහා ඇතිකරගත් ජාලය සමගින් සියලුම සහභාගිවන්නන් තමන්ව හඳුන්වා දුන් එය වර්ණවත් රාත්‍රියක් විය. ඔටෝමොබයිල් සංගමය මෝටර් රථ හවුල්කරුවකු ලෙස ඉදිරියට යෑමට අවශ්‍ය අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය.

පින්තූරයේ වමේ සිට – දේවප්‍රිය හෙට්ටිආරච්චි (ලේකම්, AAC) ටෙලක්ෂි ලියනාරච්චි (කළමනාකරු AAC), හර්ෂ පඬුවාවල (Exco සාමාජික AAC) ධම්මික ආටිගල (සභාපති AAC) සහ ටීනෝ ෆ්රූහ් (Wurth කණ්ඩායමේ භාණ්ඩ ජාත්‍යන්තර අංශය), සුරංග කැකුළුවාවල (ප්‍රධාන විධායක නිලධාරී – Wurth ලංකා පුද්ගලික සමාගම) සහ ප්‍රසන්න මායාදුන්න (ජාතික විකුණුම් කළමනාකරු – Wurth ලංකා පුද්ගලික සමාගම)

advertistmentadvertistment
advertistmentadvertistment