උසස්පෙළ විභාගය කල් දැමීම කිසිසේත් සිදු කළයුතු ක්‍රියාවක් නොවෙයි

94

ජාතික නිදහස් ගුරු සංගමයේ සභාපති සුදන්ත රත්නායක

උසස්පෙළ විභාගය ආයිත් වතාක් කල් දාන්න කියලා කරන යෝජනාව දරුවන්ගේවත් ගුරුවරුන්ගේවත් පාසල්වලවත් අවශ්‍යතාවය නෙවෙයි. ඒක සම්පූර්ණයෙන්ම මවාපාන ව්‍යාජ යෝජනාවක්. ඒක මේ වෙලාවේදී කිසි සේත්ම සිදු කලයුතු දෙයක් නොවෙයි යැයි ජාතික නිදහස් ගුරු සංගමයේ සභාපති සුදන්ත රත්නායක මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් ඊයේ (04) ප්‍රකාශ කර සිටියේය.

උසස් පෙළ තිබූ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරිමට ප්‍රමාද වීම හේතු කොටගෙන, ඉතා කෙටි කලකින් විෂය නිර්දේෂ ආවරණය කිරීමට නොහැකි බව පවසමින් මෙවර පැවැත්වීමට නියමිත උසස්පෙළ විභාගය කල් දැමීමේ යෝජනාවක් විපක්ෂ නායකවරයා විසින් ඉදිරිපත් කර තිබෙන අවස්ථාවක, විභාගය නැවත කල් දැමීම කිසිසේත්ම සුදුසු ක්‍රියාවක් නොවන බව ඒ මහතා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියේය.

රත්නායක මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් විභාගයක් කියන්නේ පැහැදිලිවම කල් ඇතුව දුර සිට සූදානම් වෙන එකක්. ඒ සඳහා දරුවන් වගේම ගුරුවරු ඇති වුණු තත්වයන් එක්ක මේ පෙළගැස්මට සූදානම් වෙලා ඉන්නේ. නොවැම්බර් මාසේ දක්වා කල්දාපු විභාගය ඒ දිනයේදී පවත්වන්න අවශ්‍ය කටයුතු මේ වෙද්දී සූදානම් කරගෙන තියෙන්නේ. ඒ නිසා ඒක නැවත කල් දැමීමේ අවශ්‍යතාවයක් නෑ. ඔවුන් මෙතෙන්දී ගේන තර්කය තමයි උසස් පෙළ තිබුනු විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරිමට ප්‍රමාද වීම කියන එක. ඇත්තටම ඒක ප්‍රශ්නයක් නෙවෙයි. උපකාරක පංතිවලින් මේ යෝජනාව එනවා නම් මේක සම්පුර්ණයෙන්ම ව්‍යාජ යෝජනාවක්. මොකද ඒකට ප්‍රධාන හේතුව තමයි සාමාන්‍ය පෙළ විභාගය අවසන් වෙලා උසස් පෙළ විභාගයට පෞද්ගලික පංති පටන් ගන්නා විට මේ උපකාරක පංතිවල ගුරුවරු තමන්ගේ අත් පත්‍රිකාව සාමාන්‍ය පෙළ විභාගය අවසන් වෙනවත් එක්කම එහෙම නැතිව විභාග ප්‍රතිඵල එනකම් ඒ අය බලාගෙන ඉන්නේ නෑ. සාමාන්‍ය පෙළ විභාගයට වාඩිවෙච්ච ළමයා උසස්පෙළ ප්‍රතිඵල ආපුවාම තමයි ඒ සඳහා යොමුවෙන්නේ. දරුවන් ඒ විදියට හැඩගැහිලා ඉවරයි. දරුවන් ඊලඟ විභාගයට ප්‍රතිඵල එනකම් ඉන්නෑ ඊලඟ විභාගයට සූදානම් වෙන්න. ඒ නිසා පළවෙනි වතාවට විභාගය ලියන ළමයි පාසල්වල නොවැම්බර් මාසේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය සඳහා පැහැදිලිවම සූදානම් වෙලා ඉන්නේ. ඒ සදහා ගුරුවරු ඊට අදාළව කාල සටහන් හදාගෙන විෂය නිර්දේශ ආවරණය කරගැනීම සූදානමින් ඉන්නේ. ඒ නිසා එහි ගැටළුවක් ඇත්තේ නෑ. දෙවෙනි වතාවට හෝ තුන්වෙනි වතාවට විභාගයට වාඩිවෙන්න බලාගෙන ඉන්න දරුවෝ උනත් ඒ දරුවෝ ප්‍රතිඵල එනකම් ඉන්නේ නෑ මේකට සූදානම් වෙන්න.
මහියංගණ – රංජිත් කරුණාවීර

advertistmentadvertistment
advertistmentadvertistment