සුඛෝපභෝගී ඔක්සිඩෙන්ටල් ඊඩ්න් හි පැවති සාම්ප්‍රදායික නත්තල් කේක් මිශ්‍ර කිරීමේ උත්සවය

30

කාලානුරූපී නත්තල් සම්ප්‍රදායන්ට මුල්තැනක් ලබා දෙමින් නත්තල් කේක් මිශ්‍ර කිරීමේ උත්සවයක් පසුගිය නොවැම්බර් 01 දින ඔක්සිඩෙන්ටල් ඊඩ්න් බේරුවල සුඛෝපභෝගී හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම සිත් ඇදගන්නාසුළු ඉසව්ව ඔක්සිඩෙන්ටල් ඊඩ්න් හි විධායක සූපවේදියෙකු විසින් මෙහෙයවන අති දක්ෂ සූපවේදී කණ්ඩායමක මූලිකත්වයෙන් සිදු වූ අතර ඔවුන්ගේ කලාත්මක බව සහ කැපවීම තුළින්, සම්ප්‍රදාය ආරක්ෂා කර ගැනීම පමණක් නොව නව මානයකට ඔසවා තැබීමට ඔවුහු සහතික වූහ.

මෙම උත්සවයේදී නත්තල් කේක් මිශ්‍රණය සඳහා ඇරෝමැටික කුළුබඩු, පලතුරු යුෂ සහ ප්‍රිමියම් ස්ප්‍රීතු යොදා ගත් අතර, සියලුම අමුත්තන්ද මනා උද්‍යෝගයකින් මෙම විශේෂ කටයුත්තට එක්විය. එමෙන්ම මෙම නත්තල් කේක් මිශ්‍ර කිරීමේ උත්සවය තුළින් සූපශාස්ත්‍ර සීමාවන් අභිබවා ගිය සංවේදී සතුටක් ඉතිරි කළේය. ගෞරවනීය ගෘහස්ථ අමුත්තන්, ජාත්‍යන්තර සම්භාවනීය අමුත්තන්, සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන පුද්ගලයින්, කාර්ය මණ්ඩල සාමාජිකයින්, පක්ෂපාතී අනුග්‍රාහකයින් සහ සුභ පතන්නන්ගේ සුවිශේෂී එක් රැස් වීමක් ලෙස දැක්විය හැකි මෙම උත්සවය සාමූහිකත්වය, ආදරණීය අවස්ථාවන් සමඟ බැඳුනු විචිත්‍රවත් මොහොතක් බවට පරිවර්තනය විය.

රැස්ව සිටි පිරිස අමතමින්, බාර්සිලෝ හෝටල් සමූහයේ හි මැද පෙරදිග සහ APAC හි වාණිජ අධ්‍යක්ෂ මිගෙල් මටෙඕස් මහතා, මෙම අවස්ථාව පිළිබඳව සිය සතුට පළ කළේය. “මෙම උත්සවය ඔක්සිඩෙන්ටල් ඊඩ්න් බේරුවල සඳහා සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා පමණක් නොව, ශ්‍රී ලංකා ඔක්සිඩෙන්ටල් හොටෙල්ස් සහ කීර්තිමත් බාර්සිලෝ හෝටල් සමූහයේ ඇති ශක්තිමත් සම්බන්ධතාවය ප්‍රදර්ශනය කිරීමක් ලෙසද ක්‍රියා කරයි. ශ්‍රී ලංකාවේ ඇති කලාව, සංස්කෘතිය මෙන්ම සිත් ඇදගන්නාසුළු භූ දර්ශන සහ සුවිශේෂී සැලසුම් අංගයන්ගෙන් ආභාසය ලබා ගනිමින්, ඔක්සිඩෙන්ටල් ඊඩ්න් බේරුවල මෙම කාලානුරූපී සම්ප්‍රදාය සඳහා පරිපූර්ණ පසුබිමක් සපයයි. අපගේ නත්තල් කේක් මිශ්‍රණයේ ඇති අමුද්‍රව්‍ය කලාත්මක ලෙස මිශ්‍ර කිරීම මෙන්, මෙම අවස්ථාව අපගේ ප්‍රජාවගේ විවිධ මූලයන් එකමුතු වන විට ඇති වන මායාව විදහා දක්වනු ලබයි. ඒ සෑම දෙයක්ම සැබවින්ම අද්විතීය යමක් නිර්මාණය කිරීමට සමත්වේ.”

advertistmentadvertistment
advertistmentadvertistment