අයෝමාල් රිදී සහ නිලුපුල් ලෝකඩ පදක්කම් දිනති

154

ට්‍රිනිඩෑඩ් ටුබෑගෝ හී පැවැත්වෙන යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව්වලින් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට අයෝමාල් අකලංක සහ නිලුපුල් පැහැසර ක්‍රීඩකයෝ ඊයේ (10 වැනිදා) සමත් වූහ.

මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේ එම රිදී පදක්කම සහ ලෝකඩ පදක්කම පමණි.

අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයේ අයෝමාල් අකලංක පිරිමි මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්ව සඳහා තත්පර 51.61ක දස්කමක් දක්වමින් එම රිදී පදක්කම ජයග්‍රහණය කළේය.

උස පැනීමේ ඉසව්ව නියෝජනය කළ නිළුපුල් මීටර් 2.00ක දස්කමක් දක්වමින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වූයේය.

ඔහු දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යයෙකි.

උස පැනීමේ ඉසව්වේ මීටර් 1.95ක දස්කමක් දැක්වූ ලෙසඳු අර්ථවිදු හතරවැනි ස්ථානය දිනා ගත් අතර කාන්තා මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්ව නියෝජනය කළ ශලනි හංසිකා ද 4 වෙනි ස්ථානයට පත් වූවාය.

advertistmentadvertistment
advertistmentadvertistment