දරු ප්‍රසූතියෙන් දින 04කට පසු ආසාදිත මව මිය යයි

122
කොවිඩ් ආසාදිතව මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එක්දරු මවක් තම දෙවන දරුවා ප්‍රසූතකර දින හතරකට පසු මියගොස් ඇත. 

මෙලෙස මියගොස් ඇත්තේ සියඹලාණ්ඩුව, බුද්ධම-ගලයාය පදිංචි ටී.එම් ඉන්දිකා දිල්හානී (32) නැමති දෙදරු මවකි.

ඇය සැප්තැම්බර් 13 වෙනි දින සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුලත් කොට ඇතගඑදිනම එහිදී සිදුකළ පීගසීගආර් පරීක්ෂණයේදී ඇයට කොවිඩ් වෛරසය ආසාදනයවී ඇති බවට අනාවරණයවී ඇත. 

පසු දින 14 ඇයගේ ටිකට්කපා නිවසට යවා ඇතග පසුව ඉකුත් 18 වෙනිදා ඇයට අමාරුවී නැවත මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත්කර  තිබේ.

ඇය 22 වෙනි දින සිසේරියන් සැත්කමකින් පසුව සිඟිත්තියක් බිහිකර ඇති අතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය ඊයේ (26) මියගොස් ඇත.
advertistmentadvertistment
advertistmentadvertistment