ක්‍රිකට් ආයතනයට දැඩි රැකවල්

289

කොළඹ මෙට්ලන්ඩ් පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයට ඊයේ (09 වැනිදා) දැඩි ආරක්ෂාවක් යොදවා තිබිණි. සිවිල් ක්‍රියාකාරීන් සහ ක්‍රිකට් ලෝලීන් විසින් ක්‍රිකට් පාලක මණ්ඩල මූලස්ථානය ඊයේ දින වටලන බවට කර තිබූ ප්‍රකාශයක් නිසා මෙසේ දැඩි ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙක් කියා සිටියේය.

වර්තමාන ක්‍රිකට් පාලකයන්ට එල්ලවී තිබෙන චෝදනා සම්බන්ධයෙන් දැඩි මහජන විරෝධයක් ඊට එල්ලවී තිබෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට වහාම ඉවත්වී යන ලෙසට සමාජ ක්‍රියාකාරීන් සහ ක්‍රිකට් ලෝලීන් බලපෑම් එල්ලකිරීමත් සමගම එම මූලස්ථානය වෙත මෙසේ ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කර තිබිණි.

පොලිසිය, විශේෂ කාර්ය බළකාය යුද හමුදාව සහ පොලිස් කැරලි මර්දන ඒකක එහි ආරක්ෂාවට යොදා සිටියහ.

ඡායාරූප – නිශාන් එස් ප්‍රියන්ත

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment