සිංහගිරි සමග EWIS Colombo සහයෝගීතාවයෙන් ශී‍්‍ර ලංකාවට නැවුම් රූපවාහිනී අත්දැකීමක්

132

ශී‍්‍ර ලංකාවේ රූපවාහිනී කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කරවන ව්‍යාපාරික සහයෝගීතාවයක් ප‍්‍රකාශයට පත් කරයි

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන නාමයක් වනසිංහගිරි (පුද්ගලික) සමාගම සහ ශී‍්‍ර ලංකාවේ අනර්ඝතම ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදකයෙකු වන EWIS Colombo සමාගම ශී‍්‍ර ලංකාවේ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන නිපදවීමේ පෙරළිකාර වෙනසක් සිදු කරමින් SGL වෙළඳනාමයේ රූපවාහිනී වෙළඳපොළට හඳුන්වාදී ඇත.

මෙය ශී‍්‍ර ලංකාව තුළ රූපවාහිනී නිෂ්පාදනය කිරීමට පියවර තැබූ ප‍්‍රථම අවස්ථාව වන අතර එය රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් දායක වෙමින් අනාගතයේ ව්‍යාපාරික අවස්ථාවන් රැසක් විවර කර දීමට ඉඩ සලසනු ඇත. මෙම සහයෝගීතා ගිවිසුම සඳහා සිංහගිරි (පුද්ගලික) සමාගම වෙනුවෙන් ප‍්‍රධාන විධායක නිලධාරිනී මහේෂි ආනන්දසිරි මහත්මිය සහ EWIS Colombo සමාගම වෙනුවෙන් සභාපති සංජීව වික‍්‍රමනායක මහතා අත්සන් තැබීය. EWIS Colombo සමාගමේ සාමාන්‍යාධිකාරී චාමර සහබන්දු මහතාද මෙම අවස්ථාවට එක් විය. මෙම රූපවාහිනී සඳහා SGL සහ EWIS වෙතින් එන විශ්වසනීය වගකීමක්ද හිමිවන අතර ශී‍්‍ර ලංකාවේ පාරිභෝගිකයින්ට පහසුවෙන් මිල දී ගත හැකි මිල ගණන් යටතේ හඳුන්වාදීමට කටයුතු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment