නාට්‍ය පුහුණුවේදී ම සුසිරිපාලගේ අත තුනට කැඩිලා!

514

කමල්, සුසිරිපාල හා ලක්මාල් එකම පාසලේ එකම පන්තියේ ඉගෙනුම ලබන දරුවන් තිදෙනෙකි. 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මොවුන් තිදෙනා ගජ මිතුරන් ය. පාසලේ දඩබ්බරම ළමුන් තිදෙනා ද මොවුන් ය. නිට්ටඹුවට ආසන්න ගමක පිහිටි මෙම පාසලේ කලා උළෙලක් සංවිධානය කළේ දරුවන්ගේ සැඟව තිබෙන කුසලතා ඔප්නංවා ගැනීමට ය.

”ළමයි… ඔයාලට ඔන්න හොඳ අවස්ථාවක්. ගීත ගායනා නාට්‍යවලට ඇලූම් කරන දරුවන්ට තම තමන්ගේ දක්‍ෂතා පෙන්වන්න මේක හොඳ අවස්ථාවක්” පන්ති භාර ගුරුතුමිය දරුවන් හමුවේ කියා සිටියා ය.

”ටීචර්… අපිත් කෙටි නාට්‍යයක් හදනවා” පන්තියේ දඩබ්බරම දරුවන් තිදෙනා හඬනඟා කීහ.

”හොඳයි බොහොම හොඳයි” ගුරුතුමිය කීවේ සිතට දැනුන සතුට පෙන්වමිනි.

”අපි හැමෝ ම මොනම දේකට හරි දක්‍ෂයෝ ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියා කියන්නෙ නිකන්ම නොවෙයි” ගුරුතුමිය කීවා ය.

සෙසු දරුවන් ද විවිධ අංශ යටතේ ඔවුන්ගේ පුහුණුවීම් ඇරඹුවේ පාසල් අවසන් වූ පසු ඒ කාලය ද යොදා ගනිමිනි.

කමල්, සුසිරිපාල හා ලක්මල් ගේ පුහුණුවීම් ඔවුන් තිදෙනාට සීමා වූ එකකි.

පිටපත, අධ්‍යක්‍ෂණය, රඟපෑම් සියල්ල ඔවුන් තිදෙනාගේ ය.

”මෙය සටන් පිරුණු ත‍්‍රාසජනක නාට්‍යයක් බං” තිදෙනා මිතුරන්ට කීවේ ආඩම්බරයෙනි.

පුහුණුවීම් ඇරඹිණි. මුළු පන්තියම දෙවනත් කරමින් යාහ්… ඌහ්… කියා ද්වන්ධ සටනකි.

කමල්ගේ කරාතේ පාරක් වළක්වන්නට ගිය සුසිරිපාල බිම ඇදවැටුණේ කෙසෙල් කඳක් බිම හෙළුෑ පරිදි ය.

මගෙ අම්මෝ.. සුසිරිපාල කෑගැසුයේ අහළ පන්තිවල ළමුන් ද කලබලයට පත්කරමිනි.

නාට්‍ය පෙරහුරුවේදී ම සුසිරිපාල අත තුන් පොළකින් කැඞී ගොසිනි. නාට්‍යයත් එතැනින් අවසන්ය. සුසිරිපාලට මාස කිහිපයක් යනතුරු අත හොල්ලන්නටත් බැරිවෙයි කියා වෛiවරු කීවිට ඔහුගේ නෙතට කඳුළු නැඟිණ.

පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment