හඳපානාගල වැව වාන් දමයි ජනතාව විමසිල්ලෙන් සිටින්න

69

වැල්ලවාය ප්‍රදේශයේ විශාලතම ගොවි ජනපද ව්‍යාපාරය වන හඳපානගලට ජලය සපයන හඳපානාගල වැව වාන් දමමින් පවතින බව මොනරාගල වාරිමාර්ග අධ්‍යක්ෂක එච්.බී.පී. බණ්ඩාර මහතා පැවසීය.

වැවේ ජල මට්ටමට වඩා අඩි දෙකහමාරක් පමණ උසින් ජලය පිටාරගලන අතර පුබුදුවැව සහ මහආරගම ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යටවෙමින් පවතී.

එබැවින් හඳපානාගල, පුබුදුවැව සහ මහආරගම ජනතාවට විමසිල්ලෙන් පසුවන ලෙස වාරිමාර්ග අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටී.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment