වෝග් ජුවලර්ස් වෙතින් ජීවිත කාලය පුරාවටම පවතින වගකීමක් සමගින් තවත් දීමනා රැසක්

152

මෙරට රන් ආභරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස දශක 6 කට අධික කාලයක පටන් පාරිභෝගික විශ්වාසය දිනා ඇති වෝග් ජුවලර්ස් යනු කාගෙත් මුවග කියැවෙන නාමයකි. උසස් ප්‍රමිතිය සහ ශිල්පීය නිපුණත්වය මෙන්ම අසමසම පාරිභෝගික සේවාව සම්බන්ධයෙන් වෝග් ජුවලර්ස් ආයතනය විශාල ප්‍රසාදයක් දිනා ඇත. එමෙන්ම වෝග් ජුවලර්ස් යනු ආභරණ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ගුණාත්මකභාවය පවත්වාගැනීම සඳහා වන ISO 9001:2015 තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ලොව පළමු ආයතනයද බවට පත්වෙමින් ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්වී තිබේ. එහි සෑම ආභරණයක්ම, එකිනෙකට විශේෂිත වූ අවධානයකට භාජනය කරමින් වෝග් ජුවලර්ස් සිය ප්‍රමිතියට අනුකූල බව තහවුරු කරගැනීමට එහි කළමනාකාර අධ්‍යක්ෂ අනුර හේමචන්ද්‍ර මහතා ප්‍රමුඛ තත්ත්ව පරීක්ෂණ කණ්ඩායමේ දැඩි පරීක්ෂාවන්ට ලක් වේ.

වෝග් ජුවලර්ස් සිය ප්‍රතිඥාව වනිසැමදා ඔබ සමගයි’ යන්න සැබැවින්ම අර්ථවත් කිරීමට කැප වී සිටී. එම නිසා, ආභරණ ඇතුළුව වෝග් ජුවලර්ස් ආයතනයෙහි සියලු‍ම නිෂ්පාදන සඳහා ජීවිත කාලය පුරාවටම පවත්නා වගකීමක්ද සමගින් පැමිණේ. උසස් ප්‍රමිතිය යනු වෝග් ජුවලර්ස් සමාගම කිසිදා අවතක්සේරු නොකරන සාධකයකි. මේ නිසා වෝග් ජුවලර්ස් ආභරණ නිසැකවම පරම්පරා ගණනාවක් පවතී.

“ජීවිත කාලය පුරාවට පවතින ආභරණ පමණක් නොව, උසස් ප්‍රමිතිය, විශ්වාසය සහ ගෙවන මිලට උපරිම වටිනාකමක් පිරිනැමීම මගින් සදාතනික අත්දැකීම් නිර්මාණය කිරීම අපගේ ඉලක්කය වී තිබෙනවා. ප්‍රමිතිය යන සාධකය අප කිසි විටෙකත් දෙවැනි තැන ලා සලකන්නේ නැහැ. අපගේ සෑම ආභරණයක්ම, උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදාගනිමින් ශිල්පීය නිපුණත්වයෙන් යුතුව නිර්මාණය වී ඇති බව තහවුරු කරගැනීම සඳහා ඒවා දැඩි පරීක්ෂාවන්ට ද ලක්වෙනවා. මෙහි සෑම අදියරකදීම මා එයට පෞද්ගලිකව දායක වනවා. සම්මානයට පාත්‍ර වූ වෝග් ජුවලර්ස් කණ්ඩායම නිසැකයෙන්ම උසස් ප්‍රමිතිය පවත්වාගැනීමට කටයුතු කරයි. එම නිසා, විශිෂ්ටත්වය වෙනුවෙන් කැපවුණු සන්නාමයක් වශයෙන් විශාල ප්‍රසාදයක් දිනාගැනීමට අපට හැකි වී තිබෙනවා.” යැයි වෝග් ජුවලර්ස් හී කළමනාකාර අධ්‍යක්ෂ අනුර හේමචන්ද්‍ර මහතා පැවසී ය.

advertistmentadvertistment
advertistmentadvertistment