රාජපක්‍ෂ අවතාරය පාර්ලිමේන්තුවෙන් පන්නන්න  මහ ඡන්දයකට යා යුතුයි – අනුර කුමාර දිසානායක

161

රාජපක්ෂ කඳවුර තීරණාත්මකව පරාජය කිරීමට නම් පාර්ලිමේන්තුව තුළ ඇති ‘රාජපක්ෂ කඳ’ අනිවාර්යයෙන්ම පරාජය කළ යුතු බව ජාතික ජන බලවේගයේ සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (24දා) පැවසීය.

මේ වන විට පාර්ලිමේන්තුව තුළ රාජපක්ෂ හිස අවසන්ව ඇතත් රාජපක්ෂ කඳ ප්‍රබලව පවතින බවත්, පාර්ලිමේන්තුව තුළ ඇති රාජපක්ෂ අවතාරය පළවා හැරීමට නම් මහ මැතිවරණයකට යායුතු අතර එමගින් එම කඳවුර පරාජය කළ හැකි බවත් දිසානායක මහතා කියා සිටියේය.

පාර්ලිමේන්තුව තුළ සැබෑ ජනමතය නියෝජනය වීමට නම් කළ යුත්තේ මැතිවරණයකට යෑම බවත්, එසේ නොවන තාක් රාජපක්ෂ අවතාරය පාර්ලිමේන්තුව තුළ හොල්මන් කිරීම කිසිවකුට වැළැක්විය නොහැකි බවත් පැවසූ අනුර කුමාර දිසානායක මහතා, පොදුජන පෙරමුණ රටේ ඉහළ නායකත්වයට පොහොට්ටුවේ අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන්නේ ළදරු රාජපක්ෂලාට පොහොට්ටුවේ බලය සුරැකිව තබා ගැනීමට බවත් වැඩිදුරටත් කියා සිටියේය.

අනුර කුමාර දිසානායක මහතා පෙරේදා මහරගම පැවති සම්මන්ත්‍රණයකදී එම අදහස් පළ කළේය.

සිරිමන්ත රත්නසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment