පාරිභෝගික ඉලෙක්ට්‍රොනික් හා ගෘහ උපකරණ ක්ෂේත්‍රයේ නව්‍යකරණ ප්‍රමුඛයා ලෙස නොමඳ පිළිගැනීමට ලක්ව ඇති සිංගර් සමාගම පසුගියදා ස්මාර්ට් ජංගම දුරකතන ක්ෂේත්‍රයේ තවත් සුවිසල් ඉදිරි පියවරක් තැබීමට සමත් විය. ඒ නව්‍ය තාක්ෂණයේ අසමසම අත්දැකීමක් පාරිභෝගිකයා වෙත ගෙන එන HONOR X9B ඇතුළු HONOR X ඞ මාදිලියේ දුරකතන පෙළ එළි දක්වමිනි.

සිංගර් සහ HONOR X සමාගම් අතර ඇති සුවිශේෂී හවුල්කාරීත්වය යළි යළිත් අවධාරණය කරමින් පසුගියදා කොළඹ ශැංග්‍රිලා හෝටලයේදී පැවති විශේෂ හමුවකදී HONOR X ඞ හි තාක්ෂණික විශිෂ්ටත්වය සහ නව නිර්මාණයන් ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබිණ. පසුගිය අප්‍රේල් මාසයේදී සිංගර් වෙතින් අභිමානයෙන් යුතුව මෙරට පාරිභෝගිකයින් වෙත හඳුන්වා දෙනු ලැබූ HONOR X සන්නාමය කෙටි කාලයක් තුළ මෙරටදී අත්පත් කරගත් සාර්ථකත්වය සැමරීමේ අවස්ථාව සනිටුහන් කරමින් මෙම නවතම HONOR X9B ඇතුළු HONOR X මාදිලියේ දුරකතන පෙළ එළි දැක්වීමද විශේෂත්වයකි.

මෙම නවතම ස්මාර්ට් ජංගම දුරකතන පෙළ හඳුන්වා දීම පිළිබඳව අදහස් දැක්වූ සිංගර් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා සඳහන් කර සිටියේ “සියලු ශ්‍රී ලාංකිකයන්ට පහසුවෙන් අත්විඳිය හැකි නව්‍ය තාක්ෂණයේ විශිෂ්ටත්වය ඔවුන් වෙත සමීප කිරීමේ අරමුණින් HONOR X හවුල්කාරීත්වයකට එහා ගිය සබඳතාවක් පවත්වාගෙන යාමට අපි කටයුතු කළා. එහි නවතම X7b සහ X8b සමඟින් HONOR X9b ස්මාර්ට් ජංගම දුරකතන මෙරට පාරිභෝගිකයින් වෙත හඳුන්වාදීම තුළින් නව්‍ය නිෂ්පාදන හා උසස් තත්වය සඳහා වන අපගේ කැපවීම මනාව පිළිබිඹු වනවා. ගුණාත්මක බවින් හා වටිනාකමෙන් ඉතා ඉහළ මෙම සියලු නිෂ්පාදන තුළින් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයාට අසමසම අත්දැකිමක් එක් කරනු ඇති බව අපගේ විශ්වාසයයි”යනුවෙනි.

HONOR X9b හි විශේෂත්වය වන්නේ ඒ සතු Ultra-Bounce Anti- Drop Display තාක්ෂණයයි. SG හි Five-Star Overall Drop Resistance” පිළිගැනීම් සහතිකය සහිත එකම ස්මාර්ට් ජංගම දුරකතන මාදිලිය වන මෙය, කල් පවත්නා නව්‍ය නිෂ්පාදනයක් පාරිභෝගිකයින් වෙත ලබා දීම උදෙසා වන සිංගර් ශ්‍රී ලංකාහි කැපවීම යළි යළිත් පෙන්වයි.

advertistmentadvertistment
advertistmentadvertistment