මෝදි ඡන්ද ගුණ්ඩුවක් කරගත්තත් කච්චතිව් කිසිදා ඉන්දියාවට දෙන්නේ නෑ

2430

කච්චතිව් දූපත ඉන්දියාවට අයිති බව පවසමින් මෝදි රජය මැතිවරණ ගුණ්ඩුවක් ලෙස එය යොදාගෙන ඇති බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කරයි.

ඉන්දියාවේ මහ මැතිවරණය ඉලක්ක කරගෙන මෝදි රජය එවැනි ප්‍රකාශයක් සිදුකළද කච්චතිව් දූපත කිසිසේත් ඉන්දියාවට නොදෙන බවද දේවානන්දා මහතා පැවැසීය.

1974දී මෙරට අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හා ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි මහත්මිය අතර ඇතිකරගත් රාජ්‍යතාන්ත්‍රික ගිවිසුමකින් කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකා මුහුදු තීරයට ලබාදී ඇති බවත් එම ගිවිසුම 1976දී යළි සංශෝධනය කරමින් ඉන්දීය ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදු තීරයේත් ශ්‍රී ලංකා ධීවරයන්ට ඉන්දීය මුහුදු තීරයේත් ධීවර කටයුතුවල යෙදීම තහනම් කර නැති බවද දේවානන්දා ඇමැතිවරයා පැවැසීය.

එවැනි තත්ත්වයක් මත ඉන්දියාවේ දේශපාලනඥයන් කරන එම ප්‍රකාශ පිළිබඳව තමා කනගාටුව පළකරන බවත් ලබන 19 වැනිදාට පසු මේ සම්බන්ධයෙන් තමිල්නාඩු මහ ඇමැති ස්ටාලිං මහතා සමග සාකච්ඡා කිරීමට නියමිත බවත් දේවානන්දා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment