මේ රට අගාධයට දැම්මේ උසස් නිලධාරීන් කිහිපදෙනෙක්

339

රටේ ආර්ථිකය බිඳ දමා රට අගාධයට පත්කර රජයත් ජනතාවත් දුෂ්කරතාවට පත් කළේ රටේ උසස් තනතුරු දරමින් සිටි නිලධාරීන් කීපදෙනකු බව මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ නව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්‍ෂ මහතා (ශ්‍රීලපොපෙ) පැවසීය.

රටේ ආර්ථිකය බිඳවැටෙන උපදෙස් ජනාධිපතිවරයාට ලබාදුන් ප්‍රමුඛ නිලධාරීන් අතර පී. බී. ජයසුන්දර සහ අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරු වූ බව ගුණතිලක රාජපක්‍ෂ මහතා පැවසීය.

අවසානයේ සිදුවූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට තනතුර අතහැර දමා පිටවී යෑමට බවද මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නව තනතුරේ වැඩ භාරගැනීමෙන් පසුව පැවසීය.

රටේ ආර්ථිකය පිළිබඳ වැරදි තොරතුරු හා තත්ත්වය මෙම නිලධාරීන් විසින් සපයන ලද බව පැවසූ මන්ත්‍රීවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට තම ධුරය කල් තියාම අතහැර දැමීමට සිදුවූ බවද හෙතෙම පැවසීය.

සිරිල් විමලසුරේන්ද්‍ර

advertistmentadvertistment
advertistmentadvertistment