කාදිනල්හිමිගෙන් චෝදනාවක්

351

මීට වසර 02කට පෙර බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට අත් බෝම්බයක් තැබුවේ මෙරට බලවතුන් විසින් බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අද චෝදනාවක් එල්ල කළහ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉල්ලූ අරගලය බියවැද්දීම එහි අරමුණ වූ බව උන්වහන්සේ පැවසූහ.2022 වසරේ ජනවාරි 11 වනදා බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබි අත්බෝම්බයක් සොයා ගැනිණි.ඒ සම්බන්ධයෙන් දේවස්ථානයේ සේවකයෙකු ඇතුළු සිව්දෙනෙක් අවස්ථා කිහිපයක දී අත්අඩංගුවට ගැනුණු අතර, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් මුදාහැරිණි.එවැනි වටපිටාවක කතෝලික සභාව චෝදනා කරන්නේ, මේ ගැන විධිමත් විමර්ශනයක් සිදු නොවූ බවටයි.එම සිදුවීමට වසර 2ක් ගතවීම නිමිත්තෙන් බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව්මැදුරේ දී අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විශේෂ දිව්‍ය යාගයක් සංවිධානය කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment