අද දහවල් ඉර මුදුන් වන ප්‍රදේශ

218

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00ගන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද සදහන් කරයි.බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී 100 වඩා වැඩි තද වැසි ඇති වේ.ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.අද (11) දහවල් 12.11ට බත්තලන්ගුන්ඩුව, මැදවච්චිය, හොරොව්පතාන සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලට හිරු මුදුන්වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment