සල්මන් ඛාන්ගේ නිවසට වෙඩි තැබූ අය හඳුනාගනී

835

ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය විසින් සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විකී සහබ් සහ සාගර් ශ්‍රීජෝගේන්ද්‍ර නමැති දෙදෙනෙකි.

ගුජරාට් ප්‍රාන්තයේ භූජ් විහාරයක සැඟව සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඔවුන් කුප්‍රකට බිෂ්නෝයි කල්ලියට සම්බන්ධ බවට සැකපළ කරන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය ඉරිදා අලුයම 5ට පමණ යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් විසින් මුම්බායි හි පිහිටි සල්මන් ඛාන්ගේ නිවසට වෙඩි තබා පළාගොස් තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment