අලුත්ම දඩ මස් ජාවාරමක්

592


දැඩි නියං තත්වය සමඟ බීමට ජලය සොයා යන වන සතුන් ඉලක්ක කරගනිමින් ජල කඩිති වලට වස විස දමා වන සතුන් මරා දඩ මස් අලෙවි කිරීමේ ජාවාරමක් කතරගම,සෙල්ල කතරගම ඇතුළු ප්‍රදේශ රැසකින් මේ වන විට හෙළි කරගෙන තිබේ.
මේ වන විට කතරගම ඇතුළු ප්‍රදේශ රැසක මෙය ක්‍රියාත්මක වන බවට වන ජීවී නිලධාරීන්ට තොරතුරු ලැබී ඇතැයි ඌව කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂක උපුල් ඉන්ද්‍රජිත් සහ යාල ජාතික වනෝද්‍යානය භාර නිලධාරි මනෝජ් විද්‍යාරත්න යන මහත්වරු පවසති.වන සතුන් බහුලව ගැවසෙන යාල ජාතික උද්‍යානය ඇතුළු රක්ෂිත සීමාවන්හි වැව්, ජලකඩිති සිඳී ගොස් ඇති නිසා ජලය සොයා යන වනසතුන් ඉලක්ක කර ගනිමින් සිඳී ගිය ජල කඩිති වලට සහ කුඩා වලවල් හාරා ඒවාට ඉටි බෑග් බහා ඒ තුළට කෘෂි රසායනික ද්‍රව්‍ය සහිත ජලය පුරවා වනසතුන් මරා මෙම දඩමස් ජාවාරම සිදුකරන බවට තොරතුරු ලැබී ඇතැයි ද ඔවුහු පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment