ගෝඨාගේ පොත ඇත්ත නැත්ත අමතකවීම්වල මුසුවක් – පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල

167

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් රචිත “ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” කියන පොත ඇත්ත නැත්ත සහ අමතකවීම්වල මුසුවක් බව උදය ගම්මන්පිල මහතා පවසයි.

පසුගිය සඳුදා පැවැති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේදී ගම්මන්පිල මහතා මෙසේද පවසා තිබිණි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් රචිත “ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” කියන පොතේ කිහිප තැනකම සෘජුව වගේම වක්‍රවත් අපි ගැන සඳහන් කරලා තිබෙන නිසා ඒවා

ගැන ප්‍රශ්න කරමින් අපට දුරකතන ඇමතුම් එනවා. මම පොත නිකුත් වුණු දවසේම මිල දී අරගෙන සම්පූර්ණයෙන්ම කියෙව්වා. ඒකේ ඇත්ත වගේම නැත්තත් තිබෙනවා. ඒ වගේම බරපතල අමතකවීම්ද තිබෙනවා. 66 වන පිටුවේ තිබෙනවා මුලින්ම විමල් සහ උදය අපෙන් වෙන් වී ගියා කියලා. ඒක බරපතල අමතක වීමක්. ඇත්තෙන්ම සිදු වුණේ අපි ඉවත් වුණා නොවේ අපිව ඉවත් කළා. ආණ්ඩුවේ අවසානයේ ආරම්භය සනිටුහන් කළ ඒ සිදුවීම එතුමාට අමතක වීම පුදුමයි. අපව ඉවත් කලේ හොරකම් මැරකම් කරලා නොවේ. රටත් ආණ්ඩුවත් බේරා ගන්න ගිහින්.

මට බැසිල් සමග තිබුණාය කියන පෞද්ගලික ප්‍රශ්නය මොකක්ද කියන එකත් සඳහන් කළා නම් මටත් ඒක දැනගන්න තිබුණා. නමුත් ණය අර්බූදය ඇති වුණු ආකාරය පිළිබඳ බටහිර රටවල් එතුමාගේ ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණය කරපු ආකාරය යුද හමුදාපති සිය වගකීම පැහැර හැරීම පිළිබඳ එතුමා කියන කතා ඇත්ත. නමුත් අවාසනාවට අපි එහෙම කුමන්ත්‍රණයක් තිබෙන බව කියන විට ඒවාට ඇහුම් කන් දෙන්න ඒවාට එරෙහිව කටයුතු කරන්න එදා එතුමාට උවමනාවක් තිබුණේ නෑ.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment