තමිල්නාඩු ධීවරයන්ට අපේ මුහුද තහනම්! – ඇමැති දේවානන්දා තමිල්නාඩු ධීවර ඇමැතිට දන්වයි

115

තමිල්නාඩු ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතවීමට කිසිසේත් අවසර ලබා නොදෙන බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කරයි.

තමිල්නාඩු ධීවර ඇමැති අනිකා රාධා ක්‍රිෂ්ණන් මහතාට දුරකථන මාර්ගයෙන් ඩග්ලස් දේවානන්දා ඇමැතිවරයා මේ බව දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතවීමට අවසර දෙන ලෙස තමිල්නාඩු රජය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබුණ ද දෙරට අතර පවතින ධීවර ගැටලුවලට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් විසඳුමක් ලැබෙන තෙක් මෙරට මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතවීමට තමිල්නාඩු ධීවරයන්ට අවසර ලබා නොදෙන බව ඇමැතිවරයා විසින් මෙහිදී දැනුම් දී ඇත.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment