ප්‍රතිජීවක ඖෂධයක් දීමෙන් පසු මියගිය පුද්ගලයාගේ ජෛව සාම්පල ඉන්දියාවට

77

ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් පසු කොළඹ ජාතික රෝහලේදී මියගිය පුද්ගලයාගේ ජෛව සාම්පල වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඉන්දියාවට යවා තිබේ.

එම විමර්ශනවල ප්‍රතිඵල ලැබීමෙන් පසු ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකිවනු ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, වෛද්‍ය ජී. විජේසූරිය මහතා ‘දිවයින’ ට ඊයේ (04 දා) පැවැසීය.

එම රෝගියාට ලබාදුන් AMOXYCLAV නමැති ප්‍රතිජීවක ඖෂධයේ සාම්පල ද වැඩිදුර විමර්ශන සඳහා ඔස්ටේ්‍රලියාව වෙත යවා ඇත. කැපුම් තුවාලයකට ප්‍රතිකාර ලබාගැනීමට කොළඹ ජාතික රෝහලට පැමිණි පුද්ගලයකුට මෙම ප්‍රතිජීවක ඖෂධය ලබාදීමෙන් පසු ඔහු මරණයට පත්ව තිබේ.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment