යාලේ මීට කලිනුත් මෙහෙම හැසිරුණ අය ඉන්නවා

262

යාල සෆාරි ජීප් රථ හිමියන්ගේ සංගමයේ සභාපති

යාල අභය භූමියේ මීට පෙරත් ජීප් රථවල පැමිණෙන කණ්ඩායම් මේ ආකාරයෙන් හැසිරුණු අවස්ථා වාර්තා වී තිබූ බව යාල සෆාරි ජීප් රථ හිමියන්ගේ සංගමයේ සභාපති පී. ඩී. රංජිත් මහතා පැවසීය.

එක්තරා වාහන ආයතනයක් විසින් විවිධ කොටස් එක්කර අලංකාර ලෙස සකස් කරන ලද ජීප් රථ යාල බ්ලොක් 01 කලාපයට රැගෙනවිත් මේ ආකාරයෙන් සංදර්ශන සිදුකරන බව වසර 40 ක යාල වනෝiානය ගැන අත්දැකීම් තිබෙන තමා දැනගෙන සිටි බවද ඔහු කීය.

එහෙත් චෝදනා එල්ල වී ඇති මෙම ජීප් රථ යාල බ්ලොක් 01 කලාපයේ තුළ සිදු කළ මෙම ක්‍රියාව කුරුළු බිත්තර දමන ප්‍රදේශයක් වන එම ප්‍රදේශයට කුරුල්ලන් නැවත පැමිණේද යන්න ගැන සැකයක් මතුවන බවත් ඔහු කීය.

යාල භූමියේ ජීප් රථ හැසිරෙන අවස්ථාවේ ඔවුන් සමග සිටි වනජීවී නිලධාරීන් ඒ ගැන යාල වගකිවයුතු නිලධාරීන් දැනුවත් කර තිබූ බවට තමාට දැන ගන්නට ලැබුණු බවත් ඔවුන්ගේ කීම ගැන නොසලකා මෙම පිරිස් හැසිරී ඇති බව දැන ගන්නටය ලැබුණු බවත් ඔහු කීය.

යාල වනෝiානයේදී පසුගිය 22 වැනිදා තරුණයන් පිරිසක් සුපිරි වාහනවල නැගී සතුන්ට හිරිහැර වනසේ හැසිරුණු බවට කියන සිද්ධිය සම්බන්ධයෙන් විමසීමේදී ඔහු මෙම අදහස් පළ කළේය.
චමින්ද සිල්වා, හඳපාන්ගොඩ – රජිත

advertistmentadvertistment
advertistmentadvertistment