සමස්ත උත්පාදනයෙන් 70% ක් පුනර්ජනනීය ප‍්‍රභවයන්නේ : විදුලිබල පනත සංශෝධනයට

224

මෙරට සමස්ත විදුලි උත්පාදනයෙන් සියයට හැත්තෑවක් පුනර්ජනනීය (පරිසර හිතකාමී) ප‍්‍රබවයන්ගෙන් විදුලිය ලබා ගැනීමට තිබූ බාධා ඉවත් කරමින් ‘විදුලිබල පනත’ සංශෝධනයට ලක්කර ඇත.

මෙම සංශෝධිත විදුලිබල පනත පෙරේදා (31දා) පැවති කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති අතර එම සංශෝධනවලට විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති නියෝජිතයන්ගේ ද අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව සංශෝධිත විදුලිබල පනත, නීති කෙටුම්පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඊට අනුමැතිය ලබා ගැනීමට නියමිතය.

මෙතෙක් කලක් පුනර්ජනනීය බලශක්ති ප‍්‍රබවයන්ගෙන් විදුලිය මිලදී ගැනීමට තිබුණු බාධක මෙමගින් ඉවත් වන බවත් එය පාර්ලිමේන්තුවේ සම්මත කරගත් පසුව ටෙන්ඩර් මගින් සියයට පනහක් ද මිල ගණන් නියම කර ඉතිරි සියයට පනහද මිලදී ගැනීමට ඉඩ ලැබෙන බව ලංකා විදුලිබල මණ්ඩලය කියා සිටී.

වර්තමාන විදුලි අර්බුදයට මෙමගින් සහනයක් නොලැබුණත් අනාගතයේ විදුලි ඉල්ලූම සපුරාලීමේදී මෙම පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන්ගෙන් රටේ විදුලි අවශ්‍යතාව සපුරාලීමට හැකි වන බවද මණ්ඩලය සඳහන් කරයි.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment