නිදහස් කරන්නැයි ඉල්ලීම ඉවතට: මහින්දානන්දට එරෙහි නඩුව දිගටම

423

රුපියල් කෝටි පහකට අධික වටිනාකමක් ඇති දාම් හා කැරම් කී‍්‍රඩා උපකරණ අවභාවිතය කිරීම ඇතුළු අධිචෝදනා යටතේ පවරා ඇති නඩුවේ විත්තිකරුවන් වන කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ හා ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලංකා සතොස හිටපු සභාපති නලින් රුවන්ජිත් ප‍්‍රනාන්දු යන මහත්වරුන් එකී චෝදනාවලින් නිදහස් කරන ලෙස විත්තියේ නීතිඥවරුන් කළ ඉල්ලීම බස්නාහිර පළාත්බද දෙවන ස්ථිර ති‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ල ඊයේ (01 දා) ප‍්‍රතික්‍ෂේප කළහ.

සිය සේවාදායකයන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුව පවත්වාගෙන යා නොහැකි බවට විත්තිය කළ ඉල්ලීමට අල්ලස් හෝ දකුණු කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් තිදෙනා ද විරුද්ධත්වයක් නොදක්වා ඇති බැවින් නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවට නිගමනය කර විත්තිකරුවන් නිදහස් කරන ලෙසට විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරුන් වන නලින් ලද්දුවහෙට්ටි හා අනිල් සිල්වා යන මහත්වරු විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියහ.

එම ඉල්ලීම් ප‍්‍රතික්‍ෂේප කළ විනිසුරු මඬුල්ල එම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමටත් පැමිණිල්ලේ සාක්‍ෂි කැඳවීමටත් තීරණය කළහ.

අමල් රණරාජා, ප‍්‍රදීප් හෙට්ටිආරච්චි සහ මහේන් වීරමන් යන විනිසුරු මඬුල්ල හමුවේදී එම නඩුව කැඳවිණි.

අල්ලස් කොමිෂන් සභාව විසින් මේ වන විට පවරා ඇති නඩුව ඉල්ලා අස්කර ගැනීමක් සිදු නොකරන බවත් විත්තියේ ඉල්ලීම් සම්බන්ධයෙන් අධිකරණයේ අභිමතය පරිදි සුදුසු නියෝගයක් ලබාදෙන ලෙසත් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

විත්තියේ ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කොට නඩුව ඉදිරියට පවත්වාගෙන යෑම විනිසුරු මඬුල්ල තීරණය කිරීමෙන් අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයේ අවසරය ඇතිව චෝදනා පත‍්‍රයට සුළු සංශෝධන කිහිපයක් සිදු කළාය. එයට අමතරව නව සාක්‍ෂිකරුවන් කිහිප දෙනකුගේ නම් සාක්‍ෂි ලැයිස්තුවට එක් කිරීමටද අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පියවර ගත්තාය.

2015 ජනාධිපතිවරණ සමයේදී පාසල් අතර බෙදාදීම සඳහා ලංකා සතොස මගින් ආනයනය කළ රුපියල් කෝටි පහකට අධික වටිනාකමක් ඇති දාම් හා කැරම් කී‍්‍රඩා උපකරණ වෙනත් කටයුතු සඳහා යෙදවීම ඇතුළු චෝදනා යටතේ එවකට කී‍්‍රඩා අමාත්‍යරවයා ලෙස කටයුතු කළ මහින්දානන්ද අලූත්ගමගේ හා ලංකා සතොස ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නලින් ප‍්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් හෝ ¥ෂණ විමර්ශන කොමිෂන් සභාව එම නඩුව පවරා තිබිණි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් හවාවි මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය පැමිණිල්ල මෙහෙය වූවාය.

නීතිඥ බුද්ධික චන්ද්‍රසේකර, මාර්ක් ඇන්ටන්, ජයබා කළුපහන යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි, ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා විත්තිය නියෝජනය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment