විදේශ විනිමය අර්බුදය අද නාහෙට උඩින් වතුර ගිහින් – මහ බැංකුවේ හිටපු නි. අධිපති

257

විදේශ විනිමය අර්බුදය සම්බන්ධයෙන් අද නාහෙට උඩින් වතුර ගිහින් තිබෙන තත්ත්වයක් රටට උදාවී ඇතැයි ශී‍්‍ර ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා ඊයේ (13 දා) ‘දිවයින’ට කීවේය.

මේ මාසය ඉතාම තීරණාත්මක බවත් ඉදිරි සති හතරේ ගෙවීම් කරන්නේ කොහොමද කියන ප‍්‍රශ්නයට රට මුහුණදී සිටින බවත් විජේවර්ධන මහතා කීවේය.

විදේශ විනිමය නොමැතිකම නිසා ඉදිරි සති හතරක කාලයේදී අත්‍යවශ්‍ය ආහාර, ඛනිජ තෙල්, බෙහෙත් යනාදිය අපට ගෙන්වාගත නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවද ඒ මහතා කීවේය.

මේ වන විට විදේශ විනිමය සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1ට පහත වැටී තිබෙනවා. මුදල් ඇමැතිතුමා ඉන්දියාවට ගිහින් කළ දේ නිසා අපිව නාහෙන් උඩට ගෙනත් තියෙනවා. ඒ නිසා දැන් අප දෙගුණයක් වේගයෙන් දිවා ? නොබලා වැඩ කර ඉන්දියානු ණය පහසුකම කඩිනමින් ලබාගත යුතු බවද ආචාර්ය විජේවර්ධන මහතා තවදුරටත් ‘දිවයින’ට කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment