ඝාතන සැකකරුවෙක් වෙඩි පහරකින් මරුට

284

මිනුවන්ගොඩ හොරම්පැල්ල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්යය බළකාය සමඟ ඇති වු වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.ඊයේ (19) රාත්‍රී මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් ඇත.විශේෂ කාර්යය බළකා නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහු ටී-56 ගිනිඅවියකින් වෙඩි තබා ඇති බවපොලීසිය සඳහන් කරයි. මොහු හෝමාගම ප්‍රදේශයේ දී සිදු කළ මිනිස් ඝාතන සිද්ධියකට සම්බන්ධ බව වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment