ගාල්ල බන්ධනාගාරයේ ගැටුමක්

732

ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් සිව් දෙනෙකු විසින් තවත් රැදවියකුට බෙලෙක් තහඩුවකින් පහරදිම නිසා එම රැදවියා කැපුම් තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බැව් ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි. ඊයේ ( 19) පස්වරුවේ දි මෙම සිද්ධිය වි ඇති අතර රැදවියන් සිරමැදිරියට දැමිමට යාමේ දි එහි සිටි රැදිවියන් සිව් දෙනෙකු විසින් මෙම රැදවියාට බෙලෙක් තහඩුවකින් ගෙල ප්‍ර දේශයට පහරදි ඇත. මෙකි පහරදිමෙන් රැදවියාගේ ගෙලට සුළු තුවාල වි ඇති බැව් බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි. තුවාල ලැබු රැදවියා හෙරොයින් මත්කුඩු ළග තබා ගැනිමේ චෝදනාවට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කළ අයෙකි. මොහු මිටියාගොඩ ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි. රැදවියන් දේපාර්ශවයක් අතර ඇතිවු ගැටුමකින් අනතුරුව මෙම පහරදිම වි ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment