පැළ සිටුවීමේ නැකත අද උදේ 10.16ට

52

මුරුංගා පැළයක් සිටුවන්න

නව වසරේ අවුරුදු පැළ සිටුවීමේ නැකත අද (18දා) පෙරවරු 10.16ට යෙදී තිබේ.

මේ නිමිත්තෙන් “මුරුංගා” පැළයක් රෝපණය කරන මෙන් දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

‘නැකතට පැළයක්’ අවුරුදු වැඩසටහන මෙවර දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාවට නංවනු ලබන අතර මේ නිමිත්තෙන් වන ජාතික වැඩසටහන කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන බව අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය. ලෝකයේ අධි පෝෂණීයම ආහාර භෝගයක් ලෙස ‘මුරුංගා’ හඳුනාගෙන ඇති බැවින් හැකිතරම් මුරුංගා වගාකරන ලෙසත්, හැකිතරම් මුරුංගා පත්‍ර පරිභෝජනය කරන ලෙසත් ඉල්ලා සිටින අමාත්‍ය ජයකොඩි මහතා මේ වනවිට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් බීජ මගින් රෝපණය කරන ‘මුරුංගා’ තවාන් රැසක් ආරම්භ කර තිබෙන බවද ‘දිවයින’ට පැවසීය.

ජගත් කැණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment