වේරහැර ලයිසන් එක හමුදාවෙන් ගලවයි

577

වේරහැර රියදුරු බලපත්‍ර මුද්‍රණ කිරීමේ අංශයේ කටයුතු කරමින් සිටි යුද හමුදා නිලධාරීන් සැප්තැම්බර් 01 වැනිදා සිට ඉවත් කර එම කාර්යයන් දෙපාර්තමේන්තු නිලධාරීන් යොදවා සිදුකරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවැසීය.

මේ වනවිටත් දෙපාර්තමේන්තු නිලධාරීන් රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම හැර අනෙකුත් කාර්යයන් සියල්ල සිදුකරන බවත්, එම කටයුත්තද සිදු කිරීමට මේ වනවිට නිලධාරීන් පුහුණුවෙමින් සිටින බවත් ඒ මහතා කීය.

දැනට යුධ හමුදාවේ 110 ක පමණ පිරිසක් මුද්‍රණ කටයුතු සිදුකිරීමට දායක කර ගෙන සිටින බවත් එම පිරිස ඉවත්වීමෙන් පසුවද දෙපාර්තමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරගෙන යෑමට බාධාවක් ඇති නොවන බවත් වීරසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment