පැටිකිරිය හඳුනාගන්න  බොනපාට්ලාට වාසියක්

207

මත්පැන් බෝතල්වල අලවා ඇති ස්ටිකරයේ සංකේතය සිය ජංගම දුරකථනයෙන් පරීක්‍ෂා කර එහි අඩංගු මත්පැන්වල නිරවද්‍යතාව හඳුනාගත හැකි “ඇප් එකක් ” ලබන මස  (අගෝස්තු) මුල හඳුන්වාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටී.

ස්ටිකරය මුද්‍රණය කළ සමාගමේ නියෝජිතයන් මෙරටට පැමිණ පරීක්‍ෂණ සිදුකරන අතර එහි කටයුතු අවසන් වූ වහාම එම තාක්‍ෂණය පාරිභෝගිකයන්ට ලබාදීමට සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා අදහස් කර සිටී.

මෙම ඇප් එක හඳුන්වාදීමෙන් පසු පාරිභෝගිකයන් මිලදී ගන්නා ස්ටිකරය සහිත මත්පැන් බෝතලේ කේතය සිය ජංගම දුරකථනය යොමුකර පරීක්‍ෂා කිරීමේදී එය නිපදවූ සමාගම, නිපදවූ දිනය, අඩංගු ද්‍රව්‍ය ගැන වාර්තාවක් ලැබෙයි. ස්ටිකරය ඇලවීමට නොහැකි බෝතල්වල සහ බියර් කෑන්වල බෝතලේ මූඩිය මත සංකේත සටහන යෙදීමට කටයුතු කර තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment