ජගත් ප්‍රජාතන්ත්‍රවාදී සමුළුව ශ්‍රී ලංකාවට දොර වසයි

935

ලබන දෙසැම්බර් 9 වැනිදා සිට 18 වැනිදා දක්වා ඇමෙරිකාවේ පැවැත්වෙන රටවල 110ක් සහභාගීවන ජගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමුළුව ඇමෙරිකානු රජය විසින් ශ‍්‍රී ලංකාවට තහනම්කර ඇත.

ද්‍රවිඩ සන්ධානය සහ එමානුවෙල් පියනම මෙහෙයවන
ගෝලීය ද්‍රවිඩ සංසදයේ නිලධාරීන් සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් වන ඩොනල්ඞ් ලූ සහ ලියා සැමර්සන් යන මහත්වරු අතර පැවැති සාකච්ඡාවෙන් පසු ජෝ බයිඩන් පාලනය මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව ජගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමුළුවට ශ‍්‍රී ලංකාවට ආරාධනා කිරීම අත්හිටුවා ඇත. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව තහනමක් පැන වූ පසු ශ‍්‍රී ලංකාවට පැන වූ දෙවැනි තහනම මෙය වේ.

ශ‍්‍රී ලංකාව සමග සබඳතා පවත්වන චීනය, රුසියාව සහ බංග්ලාදේශය යන රටවලට ද ජගත් සමුළුවට ඇරයුම්කර නැත. නමුත් ඉන්දියාවට ඇරයුම්කර තිබේ.

ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් බරපතළ තත්ත්වයකට පත්ව ඇතැයි ද්‍රවිඩ සන්ධානය සහ ගෝලීය ද්‍රවිඩ සංසදය ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු සහ ආරක්‍ෂක මණ්ඩලයේ නිලධාරින්ට ද පැමිණිලිකර සවද්‍ය තොරතුරු ඉදිරිපත්කර තිබුණි. පසුගිය සතියේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් හමු වූ ද්‍රවිඩ සන්ධානය සහ ගෝලීය ද්‍රවිඩ සංසදයේ ශ‍්‍රී ලංකාවේ කටයුතුවලට සෘජුව මැදිහත්වන ලෙස ඉල්ලා තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment