ගයන්තිකා – ලෝක ශූරතා මලල ක්‍රීඩා තරඟාවලියට නොයයි

379

ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 1,500 ඉසව්වට සුදුසුකම් ලැබූ ගයන්තිකා අබේරත්න එම තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

ඇය සහ ඇයගේ පුහුණුකරු සජිත් ජයලාල් දෙදෙනා එක්ව මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සඳහන් කරයි.

ඉදිරියේදී ආරම්භ වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කරගනිමින් පුහුණුවීම් කටයුතු කරගෙන යෑමේ අරමුණ ඇතිව ඔවුන් මෙම තීරණය ගත් බව දන්වා සිටී.

මීට පෙර මීටර් 100 ඉසව්ව සඳහා සුදුසුකම් ලබාගත් යුපුන් අබේකෝන් ද ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කරගනිමින් ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි නොවන බව ප්‍රකාශ කර තිබුණි. ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය මෙම මසදී හංගේරියාවේ බුඩාෆෙස්ට් හිදී පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment