ගුණතිලක මාස 14කට පසුව ක්‍රිකට් පිටියට

272

ධනිෂ්ක ගුණතිලකට පනවා තිබූ දේශීය තරග ක්‍රීඩා කිරීමේ තහනම ඉවත් කිරීමට එස්එස්සී ක්‍රීඩා සමාජය කටයුතු කර ඇත.

ඒ අනුව ධනිශ්ක ගුණතිලකට අද (23 වැනිදා) සිට අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියට එක්වීමට හැකියාව ලැබේ.

ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට ලක්වී නිදොස් කොට නිදහස් කෙරුණු ඔහුට ඒ හේතුවෙන් පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්ත ද දේශීය තරග ක්‍රීඩා කිරීමට එස්එස්සී ක්‍රීඩා සමාජය පනවා තිබූ තහනම හරහට සිටියේය.

එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ විනය කමිටුව මගින් සිදු කළ පරීක්ෂණයකින් අනතුරුව ඔහුගේ තහනම ඉවත් කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව ධනිෂ්ක යළි ක්‍රිකට් තරගයකට පිවිසෙන්නේ මාස 14 කට පමණ පසුවය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment